FAST NEWS

24×7 Around the Globe

විමල්ට හා ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් වෙයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු වන විමල් වීරවංශට සහ ප්‍රසන්න රණවීරට තාවකාලිකව පාර්ලිමේන්තුව තහනම් කර තිබේ.
එ අනුව මන්ත්‍රී ප්‍රසන්න රණවිරට සති 04 ක කාලයක් සහ විමල් වීරවංශට සති 02 ක කාලයක් මෙසේ පාර්ලිමේන්තුව තහනම් කර තිබේ.
පාර්ලිමේන්තු චර්යා ධර්ම සංග්‍රහය කඩ කිරිම සම්බන්ධයෙන් මෙම තහනම් කිරිම සිදුව ඇත.
මෙ සම්බන්ධයෙන් ඡන්ද විමසිමක්ද පාර්ලිමේන්තුව තුල සිදු කර ඇති අතර එහිදි ප්‍රසන්න රණවිරට පාර්ලිමේන්තුව තහනම් කිරිම සම්බන්ධයෙන් ගෙනා යෝජනාවට පක්ෂව ඡන්ද 41 ක් සහ විපක්ෂව ඡන්ද 21 ක් ප්‍රකාශ වී ඇත.
එසේම විමල් විරවංශ මහතාට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්ද 39 ක් සහ විපක්ෂව ඡන්ද 21 ක් ප්‍රකාශ වි ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.