FAST NEWS

24×7 Around the Globe

හසිත මඩවල ඝාතකයාට මරණ දඬුවම තීන්දු වෙයි.

කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හසිත මඩවල 2013 ජනවාරියේ දී වෙඩි තබා ඝාතනය කළ රංගන කුමාර පෙරේරාට මරණ දඬුවම නියම කළ ගම්පහ මහාධිකරණ විනිසුරු එස් ඩී අර්පා තාසිම් මහත්මිය එම ඝාතනයට ආධාරණ අනුබල දුන් ඩබ්ලිව් අශේන් චතුරංගට වසර පහක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළාය.

අධිකරණයේ වසර 23ක සේවා කාලයක් සම්පූර්ණ කළ විනිසුරු තාසිම් මහත්මියගේ අවසන් නඩු තීන්දුව මෙය බවත්, ඉන් පසු විශ්‍රාම යන බවත් ඇය අධිකරණයේ දී කීවාය.