FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ගේ ආසන සංවිධායක කම් ගලවති..

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 06 දෙනෙකු සංවිධායක ධුර වලින් ඉවත් කිරීමට,ඊයේ (21) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව
සුසිල් ප්‍රේම්ජයන්ත – කඩුවෙල ආසන සංවිධායක
ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න – රත්නපුර සංවිධායක
අනුර ප්‍රියදර්ශන යාපා – කටුගම්පොල ආසන සංවිධායක
ලක්ෂ්මන් යාපා අබේවර්ධන -හක්මන සංවිධායක
චන්දිම වීරක්කොඩි – හබරාදූව ආසන සංවිධායක
මෙසේ සංවිධායක ධුර අහිමි වූ අය අතර වන බවත් පැවසේ
මෙම මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන තුළ බල මණ්ඩල පිහිටුවා නොමැති හෙයින් ආසන සංවිධායකධුරවලින් ඉවත් කර ඇති බවත් ,ඒ වෙනුවෙන් අද (21) නව ආසන සංවිධායකවරුන් පත්කිරීමට නියමිත බවත් පැවසේ.