FAST NEWS

24×7 Around the Globe

ගම්මන්පිලගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරෙයි..

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන විස්සකට වැඩි මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි සිද්ධියකට අදාළ නඩුවක් සම්බන්ධයෙන් ,ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය අද (20) නියම කළේය.
ලබන මස පස්වන දා සිට 10 දක්වා කාල සීමාව තුළත් ඉන් අනතුරුව එම මස 14 වනදා සිට 20 වනදා දක්වා දක්වා කාලසීමාව තුළ තම සේවාදායකයාට බ්‍රිතාන්‍යයට සංචාරය කිරීමේ අවශ්‍යතාවක් මතු ව ඇති බැවින් ,අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කරන මෙන් ද එම ගම්මන්පිල මහතොගේ නීතිඥවරයා මහාධිකරණයෙන් ඉල්ලීම් කළේය.
එම ඉල්ලීමට රජයේ පාර්ශවයේ නීතිඥවරිය ද විරෝධය පළ නොකර ඇත.
ඒ අනුව අදාළ කාලසීමාව තුළ උදය ගම්මන්පිල මහතාට විදේශගතවීම සඳහා දැනට පවතින ගුවන් ගමන් තහනම ලිහිල් කිරීමට නියම කළ විනිසුරුවරයා අධිකරණය බාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින මෙන් ද නියම කළේය.