FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන පක්ෂ වල අවසන් ජනරැළි.

අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට නියමිත අතර එයට සමගාමීව දේශපාලන පක්ෂ රැසක් සිය අවසන් ප්‍රචාරක රැලි පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ පහත පරිදිය.

ඒ අනුව,

එක්සත් ජාතික පක්ෂයේ අවසන් ප‍්‍රචාරක රැළිය පැවැත්වෙන්නේ මරදාන ටවර් රඟහල අසලදීයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් මැතිවරණ ප‍්‍රචාරක රැළිය පැවැත්වෙන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදීයි.

ජනතා විමුක්ති පෙරමුණේ අවසන් ප‍්‍රචාරක රැළිය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන්නේ කොළඹ අලූත්කඩේ මංසන්ධියේදීයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අවසන් ප්‍රචාරක රැලිය අද පස්වරුවේ මහරගමදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අවසන් ප්‍රචාරක රැලිය පිළියන්දලදී පැවැත්වීමට නියමිතයි.

බොදු ජන පෙරමුණේ අවසන් ප්‍රචාරක රැලිය මතුගමදී පැවැත්වෙනු ඇති.