FAST NEWS

24×7 Around the Globe

අධිවේගයේ හා අර්ධ සුඛෝපබෝගී බස් ගාස්තු සංශෝධනයක් නෑ..

අද (20) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක විමට නියමීත සීයයට 04 ක බස් ගාස්තු සංශෝධනය අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථවලට සහ අර්ධ සුඛෝපභෝගී බස්රථවලට අදාළ නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එ අනුව එම බස්රථවල පවතින ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඩීසල් මීල ඉහළ යෑම හේතුවෙන් බස් සංගම් කළ ඉල්ලීමක් මත ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් මෙම බස් ගාස්තු සංශෝධනය සිදු කළේය.