FAST NEWS

24×7 Around the Globe

රෝහිත අබේගුණවර්ධනට තාවකාලිකව රට යාමට අවසර..

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය අද (19) නියම කළේය.
ඔහුට එරෙහිව රුපියල් මිලියන 40 කට අධික වත්කම් නීති විරෝධී ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල විය.
මෝසමක් මාර්ගයෙන් අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඉදිරියේ කරුණු දැක්වූ මන්ත්‍රීවරයාගේ නීතිඥවරයා නෝර්වීජියානු පාලන ක්‍රමය පිළිබඳව පැවැත්වෙන වැඩමුළුවකට සහභාගි වීම සඳහා තම සේවාදායකයාට නෝර්වේ රාජ්‍යය සංචාරය කිරීමට අවශ්‍ය ඇති බව ප්‍රකාශ කර සිටියේය.