FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු වැඩිවිම සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාව අද (19)..

ඩීසල් මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා හා පෞද්ගලික බස් සංගම් අතර සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍යංශයේදී අද (19) පෙරවරු 10.00 ට පැවැත්විමට නියමීතය.
මෙම සාකච්ඡාවේදී බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාවේදී දැනට අකර්මන්‍යව පවතින මිල සූත්‍රය යළිත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
අවම ගාස්තුව ඉහළ දැමීම ඇතුළු 10%ක බස් ගාස්තු වැඩි වීමක් තමන් අද දිනයේ අපේක්ෂා කරන බව පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.
ඉන්ධන මිල සූත්‍රය අනුව මාස දෙකක් ඇතුළත ඩීසල් ලීටරයක මිල රුපියල් 14කින් වැඩි විය.
මෙම සාකච්ඡාව අසාර්ථක වුවහොත් බස් සංගම් පෙර ප්‍රකාශ කළ පරිදි 24 වැනිදා මධ්‍යම රාත්‍රී සිට බස් වර්ජනයක් සිදු කෙරෙනු ඇත.