FAST NEWS

24×7 Around the Globe

පංච පුද්ගල කමිටුව හෙට (20) අගමැතිගේ ප්‍රධානත්වයෙන්..

පළාත් සභා සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව සමාලෝචනය කිරීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුව හෙට (20) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින්ගේ ද සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතව ඇත.
මෙහිදී පළාත් සභා සීමානිර්ණ වාර්තාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ අදහස් ලබාගැනීමට කටයුතු කරන බව සීමා නිර්ණ සමාලෝචන කමිටුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.
පසුගිය 07 වනදා ද මෙම පංච පුද්ගල කමිටුව අරලියගහ මන්දිරයේදී රැස්විය.
එහිදී කමිටුවේ නිර්දේශ කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා වී තිබූ බව වාර්තා වෙයි.