FAST NEWS

24×7 Around the Globe

වව්නියාව පෞද්ගලික බස් සේවකයෝ වර්ජනයකට යති..

වව්නියාව පෞද්ගලික බස් සේවකයින් ඊයේ (18) පස්වරුවේ සිට සේවයෙන් බැහැරව වැඩ වර්ජනයක නිරතවන බව වාර්තා වේ.
යාපනය සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් හා වව්නියාව සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් සේවකයින් අතර සිදුවු ගැටුමක් ගැටළුවට මුල් මෙම වර්ජනයටෙ මුලික වි ඇති බව පැවසේ.
මේ අනුව අන්තර් පළාත් හා පළාත් අභ්‍යන්තර පෞද්ගලික බස් රථ සේවා සියල්ල වැඩ වර්ජනයට එක්ව සිටින බව වව්නියාව පෞද්ගලික බස් නැවතුම්පොළ පවසයි.