FAST NEWS

24×7 Around the Globe

ගෑස් මීල නගියි – කිරි පිටි මීල පහතට..

ගෑස් මිල වැඩි කරන ලෙසට ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ගෘහස්ත ගෑස් සිලින්ඩරයක (12.5) මිල රුපියල් 195 කින් වැඩි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යෑම හා රුපියලේ අගය පහළ යෑමට සාපෙක්ෂව ගෑස් සමාගම් ගෑස්මිල වැඩි කරන ලෙසට ජීවන වියදම් කමිටුවට යෝජනා කර ඇත.
එසේම ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25 කින් පහත හෙළිමටද ජීවන වියදම් කමීටුව තීරණය කර ඇත.