FAST NEWS

24×7 Around the Globe

පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම ඉන්දීයාවට !!!

ශ්‍රී ලංකාවේ පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයේ හිමිකාරිත්වය යටතේ පවතින ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.
ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය විස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ,එම වාර්තාව සකස්කිරීම සඳහා ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග ගිවිසුමකටද එක්ව ඇති බව එම වාර්තා පවසයි.
ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය විදේශ රටක ගුවන් තොටුපොළක් සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති පළමු අවස්ථාව මෙය බව පැවසෙන අතර ඔවුන් ඉන්දියාවේ ගුවන් තොටුපොළ 120 ක් පමණ කළමනාකරණය කරන බවද පැවසේ.