FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා දීමට විශේෂ මැදිරියක්..

හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මැදිරියක්, අද (18) දිනයේ සිට ස්ථාපිත කිරිමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම මැදිරිය අද (18) පෙ.ව. 6.00 සිට ආරම්භ කිරිමට නියමිත අතර එය නැවත දැනුම් දෙනතුරු පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව පැවසේ.
මෙම මැදිරිය සඳහා 011 – 3024803 හා හා අවසානයට 15, 20, 48 හා 50 යනාදී වශයෙන් දුරකතන අංක පහක් ස්ථාපිත කර ඇති බවද පොලිස් මුලස්ථානය වැඩි දුරටත් පවසයි.