FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගැන පොලිස් කොමීෂන් තීරණය 20 වැනිදා..

ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වන ලබන 20 වැනිදා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ගයක් ගැනීමට නියමිතව ඇතැයි එම කොමිසම් සභා ආරංචි මාර්ගයන් සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි චෝදනාවක් එල්ල වන නාලක ද සිල්වා මහතා අනිවාර්යයෙන් නිවාඩු යවනවාද, නැති නම් වැඩ තහනම් කරනවාද යන්න පිළිබඳ පොලිස් කොමිෂන් සභා විධායක මණ්ඩලයේදී එදින තීරණයක් ගැනීමට සාකච්ඡා කිරිමට නියමීත බවද පැවසේ.
එසේම ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තොරතුරු තාක්ෂණ දිසාව වෙත තාවකාලිකව ස්ථාන මාරු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (17) ජාතික පොලිස් කොමිෂන් සභාවේ උපදෙස් මත ක්‍රියා කළේය.