FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණ සුදානම සඳහා සාකච්ඡාවට ඒකාබද්ධය අද (18) රැස්වෙයි..

ඉදිරි ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයේ සූදානම් වීම පිළිබඳව පූර්ව සාකච්ඡා සඳහා විශේෂ සාකච්ඡා වට දෙකක් ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දින පැවැත්වීමට නියමිත බව ඒකබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම අද (18) පෙ.ව. 11.00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 69 දෙනාම සහභාගි වීමට නියමිත බවද පැවසේ.
එසේම හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) සවස 5.30ට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමද පැවැත්වීමට නියමිත අතර එය කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වෙනු ඇත.