FAST NEWS

24×7 Around the Globe

කෝටි 16 ක් ගෙවන්නැයි ලංවිමට අධිකරණයෙන් නියෝග..

මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට ඇති හිඟ බදු මුදල් රුපියල් කෝටි 16කට අධික මුදල මාස දෙකක් ඇතුළත ගෙවන ලෙසට අධිකරණය විසින් නියෝග කර ඇත.
මෙම නියෝගය ලබාදී ඇත්තේ ඊයේ (17) මහජන උපයෝගිතා කොමිසම විසින් මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව පවරා තිබූ නඩු 06 ක් කොළඹ ප්‍රධාන දිසා අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.