FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයට ඉදිරිපත් විම ගැන හිටපු ජනපති තීරණයක් ගත යුතුයි – ජී.එල්

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වනවාද නැද්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණයක් ගෙන ප්‍රකාශ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
හිටපු ජනාධිපතිට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු නීතීමය බාධාවක් නොමැති බවත්, රාජපක්ෂ මහතාට තීරණයක් ගැනීමට අයිතිය ඇති ඇති බවද ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කිසිවෙකු බලපෑම් නොකරන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.