FAST NEWS

24×7 Around the Globe

කෝටි දෙකකට ආසන්න හෙරොයින් සමග පාකිස්තානුවෙකු අල්ලයි..

අද (17) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් එක් කෝටි හැට ලක්ෂ 60000 ක් වටිනා බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගයක් මෙරටට රැගෙන පැමිණි පකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
35 හැවිරිදි පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයෙක් වන මෙම සැකකරු ඕමානයේ මස්කට් හරහා පකිස්තානයේ කරච්චි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මෙම සැකකරු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම ඉස්තරම් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් 01 kg ක් හා 606 g ක් සගවා ගෙන තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.