FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට මාරුවක්..

ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තොරතුරු තාක්ෂණ දිසාව වෙත ස්ථාන මාරු කිරිමට කටයුතු කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා එම ස්ථාන මාරුව සිදු කර ඇති බවත් පැවසේ.