FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ තරග විභාගය කල් දැමේ..

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 02 වැනි පන්තියේ 11 ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාග – 2018, නැවත දැනුම් දෙන තුරු කල් දමන ලද බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ දැනුම්දීම පරිදි නැවත දැනුම් දෙනතුරු කල් දමන ලද බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.