FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනියව කොළඹට කැඳවයි..

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියානි විජේසේකර මහත්මිය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකු යළි කොළඹට කැඳවීමට තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් හේතු දැක්වීමක් කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
ප්‍රියානි විජේසේකර මහත්මිය පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරියයි.
මේ සම්බන්ධව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාට දුරකථන මාර්ගයෙන් ඇය හෝ සෙසු නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට නොහැකිවීම මත එම තීරණයට එළැඹ ඇති බවයි.
වියානා නුවර පිහිටා තිබෙන ඔස්ට්‍රියා තානාපති කාර්යාලය හරහා බොස්නියා, චෙක් ජනරජය, ස්ලෝවැකියා, ස්ලෝවෙනියා, සර්බියා යන රටවල ද තානාපති සේවා කටයුතු සිදුවෙනු ඇත.