FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධ අවසන් තීන්දුව අද (17)..

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (17) දිනයේදී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සදහන් කරයි.
පසුගියදා ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව රජය විසින් සාධාරණයක් ඉටු නොකරන හෙයින් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
මේ අතර, ඉන්ධන මිල සූත්‍රයට අනුව බස් ගාස්තු සංශෝධනය කිරීම සදහා සූත්‍රයක් හදුන්වාදීමට රජයට කාලය ලබාදී ඇති අතර, ඉදිරි සති දෙක ඇතුළත නිසි ප්‍රතිචාර නොලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේය.