FAST NEWS

24×7 Around the Globe

කෝප් කමීටු රැස්වීම ජනමාධ්‍යවේදීන්ට විවෘත වෙයි..

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හා රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝප්) ඇතුළු පාර්ලිමේන්තුවේ විශේෂ කමිටු රැස්වීම් ඉදිරියේදී ජනමාධ්‍යවේදීන්ටද විවෘත කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මීට අමතරව පාර්ලිමේන්තු කමිටුවල තොරතුරු ජනතාවට හා ජනමාධ්‍යවලට නිකුත් කිරීම සඳහා වෙනම තොරතුරු නිලධාරීයෙකු පත් කිරීමටද කටයුතු කෙරෙනු ඇති බව පැවසේ.
මේ වෙනුවෙන් අවශ්‍ය නීති ප්‍රතිපාදන සැලසීම සඳහා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත් කෙටුම්පත ළඟදීම සංශෝධනය කෙරෙන බවද කියැවේ.
පනත් කෙටුම්පත සැකසීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා ඇතැයිද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.