FAST NEWS

24×7 Around the Globe

ඩොලරය164 පනියි..

ඉතිහාසයේ පළමු වතාවට අද (14) ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට විකුණුම් මිල 164 සීමාව ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 164.37ක් වූ අතර ගැනුම් අගය 160.94ක් ලෙස සටහන්ව තිබිණි.
ඒ අනුව රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.