FAST NEWS

24×7 Around the Globe

එ.ජා මහා මණ්ඩලයට ජනපතිගෙන් නව යෝජනාවලියක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට ලබන 25 වනදා නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරයේදී අද (14) පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ සඳහන් කළේය.
අදාළ යෝජනාවලිය මගින් යුද්ධයෙන් පසුව ඇති වී තිබෙන තත්ත්වයන් සුහදව විසදා ගන්නේ කෙසේ දැයි යන්න පිලිබදව ජාත්‍යන්තරයේ අවධානය යොමුකරවීමට බලාපොරොත්තු වන බවද මෙහිදි ජනාධිපතිවරයා පැවසීය.
මේ අතර, රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.