FAST NEWS

24×7 Around the Globe

ගාල්ල නගරයේ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවයි..

ගාල්ල නගරයට ජලය සැපයෙන වක්වැල්ල ජල පවිත්‍රගාරයේ නළයක සිදුවු පිපිරිමක් හේතුවෙන්, මෙ වන විට එම නගර සීමාවේ ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇති බව වක්වැල්ල ජල පවිත්‍රගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කෙසේ වෙතත් කරාපිටිය ශික්ෂණ රෝහලට අඛණ්ඩව ජලය ලබා දෙන බවත්, අද (13) පස්වරුව වන විට මෙම තත්වය යථාතත්ත්වයට පත් කිරීමට හැකි වන බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.