FAST NEWS

24×7 Around the Globe

ඌව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිට එරෙහිව විශ්වාසභංගයක්..

ඌව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජී. ආර්. විමලදාස මහතාට (එ.ජ.නි.ස) එරෙහිව එක්සත් ජාතික පක්ෂය විශ්වාසභංග යෝජනාවක් භාර දී තිබේ.
ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය කඩවන පරිදි කටයුතු කිරීම හේතුවෙන් පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් නියෝජ්‍ය සභාපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද (13) සභාපතිවරයාට භාර දී ඇත.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අත්සන් කර තිබේ.