FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන් ලබන 17 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට..

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරන ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර හමුවට ඉදිරිපත් කිරීමන් පසුව නියෝග කෙරිණි.
සතොසට අයත් රුපියල් මිලියන 05 කට අධික මුදලක් අවභාවිතා කළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල විය.
මෙම නඩුවට අදාළ ඇතැම් ලේඛනවල ගැටළු පවතින බැවින් ඒවා වැඩිදුර පරීක්ෂා කර හරස් ප්‍රශ්න විමසීම සිදුකළ යුතු බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම් දී ඇත.