FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් පිහිටුවීමට සාකච්ඡා..

දකුණු කොරියාව කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තොරතුරු තාක්‍ෂණය සම්බන්ධව ලෝකයෙන්ම ඉදිරියෙන්ම සිටින රටකි.
පසුගියදා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහ දකුණු කොරියානු විදේශ ඇමතිනී කං ක්‍යුං වා මහත්මිය අතර හමුවක් සිදුවිය.
එහිදී ඇය සදහන් කර සිටියේ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමග කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ දැනුම හා අත්දැකීම් බෙදා හදා ගැනීමට කැමැත්තෙන් සිටින බවයි.
ශ්‍රී ලංකා – දකුණු කොරියා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සාකච්ඡා වාරයන්හිදීත් මේ පිළිබඳව ප්‍රමුඛස්ථානයක් ලබා දීම ඉතා වැදගත් බවත් ඇය සදහන් කළාය.
ලංකාවේ දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඉන්දීය සාගර කලාපයීය සාමය හා නිදහස් නාවුක ගමනාගමනය සුරක්‍ෂිත කරලීම උදෙසා ශ්‍රී ලංකාවේ වෑයම අගය කරන බවත් දකුණු කොරියානු විදේශ ඇමතිනිය වැඩිදුරටත් පැවසුවාය.