FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිද්ධික් කුඩු නඩුවකින් නිදහස්..

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන මොහොමඩ් සිද්ධික් නමැත්තා ඇතුළු 05 දෙනෙකු හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවකින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (13) නියෝග කළේ ය.
2003 වසරේ පෙබරවාරි 03 වැනිදා හෙරොයින් ග්‍රෑම් 8.1 ක් සමග මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනෙකු මහරගමදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබු සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කෙරුණී.
ඒ අනුව එම වැටලීම සිදුකළ එවකට සහකාර පොලිස් අධිකාරීවරයකු වූ ප්‍රියන්ත ජයකොඩි සහ රංගන ගමගේ නමැති පොලිස් නිලධාරීන් දුන් සාක්ෂි පරස්පර බව පෙන්වා දෙමින් විනිසුරුවරයා මෙම නියෝගය ලබා දුන්නේය.
විත්තකිරුවන්ට නගා ඇති චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර නොමැති බවට නියගමනය කළ විනිසුරුවරයා, විත්තියේ සාක්ෂි විභාගයකින් තොරව විත්තිකරුවන් මෙසේ නිදහස් කිරීමට නියෝගය කළේෙය.
මොහොමඩ් සිද්දික් නමැත්තා මෙම නඩුවෙන් නිදහස් කෙරුණ ද, මත්ද්‍රව්‍ය චෝදනා සහ මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුට එරෙහිව තවත් නඩු කිහිපයක් අධිකරණවල විභාග වෙමින් පවතියි.