FAST NEWS

24×7 Around the Globe

සබරගමු මහ සමන් දේවාලයේ දේවේලේ පෙරහර 16 වැනිදා ඇරඹෙයි..

සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහරේ දේවේලේ පෙරහර මේ මස 16 වැනිදා වීදි සංචාරය අරඹන බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව පසුගිය 10 වැනිදා කප් සිටුවීමෙන් පසු ඇරඹී කුඹල් පෙරහර 15 වැනි දා රාත‍්‍රී අවසන් වන බව බවද , අනතුරුව දෙවේලේ පෙරහර දින පහක් පුරාවට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව එ මහතා සඳහන් කළේය.
21 වැනි දා සිට 25 වැනි දා දක්වා රන්දෝලි මහ පෙරහර පැවැත්වෙන් බවත් ,25 වැනි දා රාත‍්‍රී අවසන් රන්දෝලි මහ පෙරහර වීදි සංචාරය කර, 26 වැනි දා කළු ගඟේ දිග පෙරහරින් රතඹලා ඇල්ලට ගොස් දිය කපා ආපසු පෙරහරින් පැමිණ දේවාලයට ගෙවදීමෙන් පෙරහර මංගල්‍යය අවසන් කෙරෙන බවද බස්නායක නිළමේවරයා පැවසීය.