FAST NEWS

24×7 Around the Globe

යූනියන් පෙදෙසේ දෙමහල් නිවසක හදිසි ගින්නක්..

අද (13) අලුයම කොළඹ – යූනියන් පෙදෙසේ දෙමහල් නිවසක හටගත් ගින්න මේ වනවිට මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
ගින්න මැඩපැවැත්වීම සදහා රථ 05 ක් පමණ යෙදවූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කරයි.
මේ හේතුවෙන් නිවසේ උඩු මහලට විශාල ලෙස හානි සිදුවී ඇති බවත් වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.