FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා සමග පැවැත්වෙන සමාරම්භක තරගය ගැන මොහොමදුල්ලාගෙන් ප්‍රකාශයක්..

ආසියානු කුසලානය ආරම්භ කරමීන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සමාරම්භක තරඟය ප්‍රභල අභියෝගයක් බව බංග්ලාදේශ පිතිකරු මහමුදුල්ලා පවසා ඇත.
එසේම එම තරඟය සඳහා සිය කණ්ඩායම හොඳින් සුදානම් බවද ඩුබායී හීදි පුහුණූවීම්වල යෙදෙන අතරවාරයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව ක්‍රීඩකයින් මෙම කාලසීමාවේ උපරිම දස්කම් අතර පසුවන බව ඔහුගේ මතය වි ඇත.
මෙවර ආසියානු කුසලාන තරඟමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සෙනසුරාදා (15) දිනයේ බංග්ලාදේශය සමග තරඟ වැදීමට නියමිතය.