FAST NEWS

24×7 Around the Globe

ඇවන්ට්ගාඩ් සභාපතිට හා තවත් අයෙක්ට අධිචෝදනා..

ඇවන්ට්ගාඩ් සමාගමෙන් රුපියල් ලක්ෂ 355 ක අල්ලස් දීම සහ අල්ලස් ගැනීමේ සිද්ධියට අදාළව අධි චෝදනා 47 ක් යටතේ, විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ට්ඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ංශක සේනාධිපති මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේදී (12) අධිචෝදනා ගොනු කළේය.
ඒ අනුව ඔවුන්ට චෝදනා කියවා දුන් අවස්ථාවේ දී සැකකරුවන් නිවැරදිකරුවන් බව පැවසු අතර ඒ අනුව නඩුව විභාග කිරිමට මහාධිකරණය තීරණය කළේය.