FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය – පුද්ගලික හවුල්කාරී ව්‍යාපෘති සඳහා අණ පනත් ගෙනවා – අගමැති රනිල්

අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ කරගෙන ඇති බව ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ, හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවේ ‘පුද්ගලික අංශයේ මූල ධනය එක්රැස් කර ගැනීම’ මැයෙන් ඊයේ (11) පැවති පූර්ව සැසියේ දී අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.
එසේම රාජ්‍ය – පුද්ගලික හවුල්කාරී ව්‍යාපෘති (PPP) සඳහා පුද්ගලික අංශය දිරිමත් කරලීම උදෙසා නව අණ පනත් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීමට කටයුතු කරන බවද අග්‍රමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.