FAST NEWS

24×7 Around the Globe

එම්.එන් 04 වැටුප් තලය නියෝජනය කරන උපාධිධාරීන් වර්ජනයකට..

එම්.එන් 04 වැටුප් තලය නියෝජනය කරන උපාධිධාරී රාජ්‍ය නිළධාරීන් අද (12) දින සේවයට වාර්තා නොකර එක්දින වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව සංවර්ධන නිළධාරී සේවා සංගමය පවසයි.
උපාධිධාරීන් ලෙස තමන් හට මුහුණ දීමට සිදුව ඇති විවිධ ගැටලු වලට විසදුම් ලබාගැනීමේ අපේක්ෂාවෙන් මෙම වැඩවර්ජනය සිදුකරන බවද එම සංගමය අවධාරණය කරයි.