FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවේ නීතිවිරෝධීව රැදී සිටි ලාංකික පිරිසක් පිටුවහල් කරයි..

ඕස්ට්‍රේලියාවේ සරණාගත භාවය පතමින් ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස පැමිණි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව කටයුතු කර ඇත.
එම පිරිස අද (11) අලුයම ඕස්ට්‍රේලියා වේලාවෙන් පස්වරු 2.00 ට පර්ත් නුවරින් පිටත්ව තිබෙන බව ද වාර්තා වෙයි.
මෙම පිරිස අතරින් බහුතරය දමිළ ජාතිකයන් බවත් එක් සිංහල ජාතිකයෙක් සිටින බවත් සදහන්වෙන අතර මෙම පිරිසෙන් කිහිප දෙනෙකුම ඕස්ට්‍රේලියාවේ රඳවා ගැනීමේ මධ්‍යස්ථාන තුළ වසර 06 ත් වැඩි කාලයක් රඳවා තබාගෙන සිටි බව ගාඩියන් ඕස්ට්‍රේලියා පුවත් සේවය වාර්තා කරයි.