FAST NEWS

24×7 Around the Globe

පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළට..

රජය සිදු කළ ඉන්ධන මිල සංශෝධනයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සීයයට 5කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය පවසයි.
ප්‍රවාහනය සඳහා වැය වන අධික වියදම හේතුවෙන් මෙලෙස ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව එම සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා මාධ්‍ය වෙත සඳහන් කළේය.