FAST NEWS

24×7 Around the Globe

ආයුර්වේද සුවසේවා සංගමය අද(11) පස්වරුවේ උද්ඝෝෂණයක..

අද (11) පස්වරු 12.30 ට රාජගිරිය ආයුර්වේද වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බව සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය පවසයි.
වැඩිවන ජීවන වියදමට සරිලන සේ ‍වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව ඇත.
ආයුර්වේද දෙපාර්තමේන්තුවට අළුතින් බඳවා ගන්නා වෛද්‍ය , හෙද , කනිෂ්ඨ කාර්යය මණ්ඩලයට විශ්‍රාම වැටුප් අහිමි කිරීම ඇතුළු ආයුර්වේද සෞඛ්‍ය සේවයට අයත් ගැටළු නිරාකරණය නොකිරීම යන හේතු මත ද මෙම උද්ඝෝෂණය පැවැත්වෙයි.
මෙම උද්ඝෝෂණය සඳහා ජාතික ආ‍යුර්වේද ශික්ෂණ රෝහල, කොළඹ 08 ආයතනයේ වෛද්‍ය, සීමාසික වෛද්‍ය, හෙද, කනිෂ්ඨ කාර්යය මණ්ඩලය හා කොළඹ විශ්වවිද්‍යාලීය දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව එක්වෙනු ඇත.