FAST NEWS

24×7 Around the Globe

නවක වදයට සම්බන්ධවන සිසුන්ට මහපොළ අහිමි වෙයි..

විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක වන නවක වදය සිදුවීම්වලට සම්බන්ධවී දඬුවම් නියම වන සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය කපා හැරීමට රජය තීරණය කර ඇත.
මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල මේ සම්බන්ධයෙන් අදහස් දක්වා කියා සිටින්නේ විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන මගින් එවැනි වැරදිකරුවන්ට ලබා දෙන දඬුවම් කිසියම් කාල සීමාවකදී ලිහිල් කළ ද මහපොළ ශිෂ්‍යත්වය නැවත ලබා නොදීමට තීරණය කර ඇති බවයි.
මෙලෙස නවක වදයට සිදුවීම්වලට වලට සම්බන්ධ සිසුන්ට ශිෂ්‍යත්ව නැවත ලබා දෙන්නැයි අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ද හිමි වන්නේ නැත.