FAST NEWS

24×7 Around the Globe

මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 08 ක ජල කප්පාදුවක්..

ලබන 12 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 08 ක කාලයක්  ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
පොල්ගොල්ල ජල සම්පාදන ක්‍රමයට අයත් ජල පිරිපහදු මධ්‍යස්ථානයේ නව ජල පොම්ප හා විද්‍යුත් පැනල සවි කිරීම හේතුවෙන් ,අමුණුගම පාර, 606 පාර, ලේවැල්ල, බාබර්වත්ත, සිරිමල්වත්ත, මඩවල පාර, පල්ලේගුන්නෑපාන, ගගපාර, දෙගල්දෝරුව පන්සල පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
නව ජල පොම්ප හා විද්‍යුත් පැනල සවි කිරීමේ කටයුතු අදියර දෙකක් යටතේ සිදු කිරීමට නියමිත බවද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.