FAST NEWS

24×7 Around the Globe

මහාචාර්ය ජී.එල්.පීරීස් ශ්‍රේෂ්ඨාධිකරණයට..

ආණ්ඩුව සහ මැතිවරණ කොමිෂන් සභාව එක්ව පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බව,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතීඥයින් කණ්ඩායමකට ලිපි ලේඛන බාර දුන් බවත්,ඒ අනුව ඉතා ඉක්මනින් නීතිමය කටයුතු සිදුවනු ඇති බවත් හෙතෙම මෙහිදි සඳහන් කළේය.