FAST NEWS

24×7 Around the Globe

හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයාට ඇප…

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) ඇප නියම කළේය.
2008 වසරේ මැයි මස 22 වැනිදා දෙහිවල ප්‍රදේශයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනයාමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එ මහතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.