FAST NEWS

24×7 Around the Globe

ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව සමුද්‍රීය පරිසර අධිකාරිය නඩු මගට..

 

ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
ඒ මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට තෙල් රැගෙන යන නළයක සිදුවූ කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් වෙරළ තීරය අපවිත්‍රවීම සම්බන්ධයෙනුයි.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සංකීර්ණයට විරුද්ධව පොලීසියට පැමිණිල්ලක් සිදුකළ බව එම අධිකාරියේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සදහන් කළේය.
මේ වන විට උස්වැටකෙයියාව සිට පමුණුගම දක්වා වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.
ඊයේ (09) දිනයේ මෙම තෙල් තට්ටුව ඉවත් කිරීම සඳහා නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 300 කට අධික පිරිසක් එක්ව ඇත.
පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා තවත් දින දෙකක කාලයක් ගතවන බව එම සංස්ථාව දැනුම් දෙයි.

Image result for මුතුරාජවෙල තෙල් කාන්දුව

D.Undugoda