FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසි වාරය ඇරඹේ..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසි වාරය අද (10) ආරම්භ වෙයි.
අදින් ආරම්භ වන මෙම සැසිය ලබන 28 වනදා දක්වා පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක‍්‍රියාකාරී කමිටු 02 ක් විසින් සැකසූ විශේෂ වාර්තා දෙකක් මෙවර සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාකාරී කමිටුව හා සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි. ග‍්‍රීෆ් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තා දෙක මෙවර සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2017 වසරේ ඔක්තෝබර් මාසයේදී සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී. ග‍්‍රීෆ් විසින් ලංකාවේ සිදුකළ සංචාරයකින් පසුව ඔහු ද විශේෂ වාර්තාවක් සකසා ඇතැයි වාර්තා වේ.
D.Undugoda