FAST NEWS

24×7 Around the Globe

හබරාදූව ප්‍රදේශයේ වෙඩි තැබීමක්..

හබරාදූව, ජෑම්ගහ පාර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මාර්ගයක් අසන්නයේ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ හබරාදූව – තලාතුඩුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහුගේ උදරයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති අතර මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සදහන් කරයි.
කළක් පටන් පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර වෙඩි තැබීම සිදුකළ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බව හබරාදූව පොලීසිය සඳහන් කරයි.
D.Undugoda