FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාත් සභාව පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම්කාරක සභාවට කැඳවයි..

බස්නාහිර පළාත් සභාව ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවට කැඳවීමට එම කාරක සභාව තීරණය කර ඇත.
ඒ, එම පළාත් සභාවේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් තොරතුරු විමසීමටයි.
බස්නාහිර පළාත් සභාව ගත් විවිධ තීන්දු තීරණ සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු විමසීමට නියමිතය.
පසුගිය වසරවල දී බස්නාහිර පළාත් සභාවේ වියදම් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ විගණන වාර්තා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව ඇත.
බස්නාහිර පළාත් සභාව බත්තරමුල්ලේ පිහිටි නව ගොඩනැගිල්ලට රැගෙන යෑමේදී පළාත් සභාව සඳහා පුටු මිලදී ගැනීම් සම්බන්ධයෙන් , ශ්‍රවණාගාරය ඉදිකිරීමේදී සහ පළාත් සභා දොරවල් සම්බන්ධයෙන් විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට පසුගිය දිනවල චෝදනා එල්ල විය.
මෙම කරණු සම්බන්ධයෙන්ද රාජ්‍ය ගිණුම්කාරක සභාව තුළ සාකච්ඡාවට බඳුන් කළ හැකි අතර, බස්නාහිර පළාත් සභාව පිළිබඳ දැනුම් දීමට යම් තොරතුරු ඇත්නම් ලබන 18 වැනිදාට පෙර එම තොරතුරු ලිපි හෝ දුරකථන මාර්ගයෙන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවට දැනුම් දීමට හැකියාව තිබෙන බව ද වාර්තා වෙයි.
D.Undugoda