FAST NEWS

24×7 Around the Globe

මුතුරාජවෙලට තෙල් ප්‍රවාහනය කරන ප්‍රධාන නළයක පිපිරීමක්..

කොළඹ වරායේ සිට මුතුරාජවෙල දක්වා බොරතෙල් ප්‍රවාහනය කරන නළයේ පීපිරීමක් සිදුවී ඇති අතර අදාළ නළයේ කොළඹ වරාය තුල පිහිටි කොටසේ මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වෙයි.
මේ වන විට ඉන් ඉන්ධන කාන්දු වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර නළයේ අලුත්වැඩිය කටයුතු ද ආරම්භ කර ඇති බව ඛණිජ තෙල් සංස්ථාව පවසයි.
මේ හේතුවෙන් මුහුදු ජයට එක්වුණු බන්ධන පැතිරයාම වැළැක්වීමට සදහා අවශ්‍ය ක්‍රියාමාර්ගද ගෙන ඇති අතර කාන්දු වූ ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතියි.
D.Undugoda