FAST NEWS

24×7 Around the Globe

අද (09) සිට දිවයිනේ පළාත් කීපයකට වැසි..

අද (09) සිට අනිද්දා දක්වා දිවයිනේ උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිවේ අනිකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතියි.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවීමේ හැකියාවක් ද පවතින අතර එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
D.Undugoda