FAST NEWS

24×7 Around the Globe

ඓතිහාසික කෝට්ටේ අවසන් මහ පෙරහැර අදයි..

ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහර මංගලෝත්සවයේ අවසන් මහ පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
මෙවර අවසන් පෙරහැර සදහා උඩරට, පහතරට හා සබරගමු නර්තන ඇතුලු විවිධ අංග රැසකින් සමන්විතව පෙරහර සංවිධාන කර ඇති අතර අලි ඇතුන් 30 දෙනෙකු පමණ අද පෙරහැරට එක් කිරීමට නියමිත බව පෙරහැර සංවිධායක කමිටුව පවසයි .
කෝට්ටේ රාජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ නා හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සියලු කටයුතු සූදානම් කෙරෙන අතර ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරයේ වාර්ෂික දළදා පෙරහර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 118 වන වරටයි.
D.Undugoda